ප්‍රමුඛ පුවත 1

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට ජනපති අත්සන් තබයි

(UTV| කොළඹ) – මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා වන ලිපි ලේඛනවලට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සහතික කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (06) අත්සන් තබා තිබේ.

සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු එම ලිපි ලේඛන පිටු 21,000 කින් සමන්විත බවත් වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුවේ ප්‍රධාන විත්තිකරු වන අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අදාළ ලේඛන කඩිනමින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිංගප්පූරු රජයේ බලධාරීන් වෙත යොමු කෙරෙනු ඇති බවයි.

Related posts

පොහොර ගැටළු පිලිබඳ දැනුම් දීමට නව අංකයක්

Mohamed Dilsad

ගාල්ල දිස්ත්‍රික්කය – තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

කෝටි 7ක රත්‍රන් සමඟ පුද්ගලයෙකු ගුවන්තොටේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment