විදෙස්

හුආවේ සමාගමෙන් ඇමෙරිකාවට චෝදනා

(UTV| කොළඹ) – සයිබර් ප්‍රහාරක් එල්ලවීම සහ කාර්ය මණ්ඩලයට තර්ජනය කිරීම සම්බන්ධයෙන් හුආවේ සමාගම ඇමෙරිකාවට චෝදනා එල්ල කරනවා. තම ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සඳහා ඇමෙරිකා රජය සෑම උත්සාහයක්ම ගන්නා බවට හුආවේ සමාගම චෝදනා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි

චීන තාක්ෂණික දැවැන්තයන් කියා සිටින්නේ ඇමෙරිකාව සිය ජාල තුළට රිංගා ගැනීම සඳහා සයිබර් ප්‍රහාර දියත් කර තම සේවකයින්ට තර්ජනයද කරන බවයි.

ඇමෙරිකාවේ වෙළඳ තහනමට ලක් වූ හුආවේ සමාගම මේ වසරේ චෝදනා සඳහා සාක්ෂි ඉදිරිපත් කර නැහැ.

හුආවේ සමාගම ඇමෙරිකාව සහ චීනය අතර වෙළඳ ආරවුලේ කේන්ද්‍රස්ථානයක් බව පත්ව තිබේ

ඇමෙරිකාව විසින් සිය කාර්ය මණ්ඩලය නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටින බවත්, එහි අභ්‍යන්තර තොරතුරු පද්ධති තුළට රිංගා ගැනීම සඳහා සයිබර් ප්‍රහාර දියත් කර ඇති බවත්, සමාගම පිළිබඳ තොරතුරු එක්රැස් කරන ලෙස ඔවුන්ට බලපෑම් කිරීම සඳහා එෆ්.බී.අයි නිලධාරීන් තම සේවකයින්ගේ නිවෙස්වලට යවන බව හුවායි සිය මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

“හුආවේ සමාගම අපකීර්තියට පත්කිරීමට සහ වෙළඳපල තුල නැගීසිටීම මැඩපැවැත්වීමට ඇමෙරිකා රජය ගත් අශිෂ්ට, සාමූහික ප්‍රයත්නය ඔවුන් තරයේ හෙලා දැක තිබේ

ඒ සම්බන්ධයේ ඇමෙරිකානු නිලධාරීන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද  විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

‘අයින්ස්ටයින්ගේ බුද්ධි මට්ටම අභිබවා ගිය’ දසහැවිරිදි ශ්‍රී ලාංකික දියණිය

Mohamed Dilsad

අවුන්සාන් සුඛී 15 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

කොරෝනාවට ඖෂධයක් සෙවීමේදී චීනය ජාත්‍යන්තර සහය පතයි

Mohamed Dilsad

Leave a Comment