ප්‍රමුඛ පුවත 1

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ඔක්තෝබර් 11

(UTV | කොළඹ) –  ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත අගෝස්තු 30 දින නියෝග කර ඇති අතර , ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් අදාළ නියෝගය ලබාදී තිබේ.

එමෙන්ම ප්‍රතික්ෂේප කළ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා පත්‍රය භාර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල ප්‍රාදේශීය සභාව භාර තේරීම්භාර නිලධාරීයාට නියෝග කළ බවත් සදහන්.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී බව සඳහන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම පිළිබඳව විභාගයක් පැවැත්වීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි විභාගය අවසන් වන තෙක් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් තහනම් නියෝගයක් මීට පෙර නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කලේ ලබන ඔක්තෝබර් 11 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට මූලික එකගතාවයක් පළවී ඇති බවයි.

Related posts

අමාත්‍ය ධුර ඉල්ලු බවට වන වාර්තා රාජිත ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ධීවර ප්‍රජාවට භූමිතෙල් සපයා ගැනීමේ ගැටළුවක් නම් දැනුම් දෙන්න – අමාත්‍ය මහින්ද අමරවීර

Mohamed Dilsad

මිනින්දෝරුවන් අද සිට අඛණ්ඩ වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment