ප්‍රමුඛ පුවත 1

ධීවර ප්‍රජාවට භූමිතෙල් සපයා ගැනීමේ ගැටළුවක් නම් දැනුම් දෙන්න – අමාත්‍ය මහින්ද අමරවීර

(UTV|හම්බන්තොට) – කිසියම් ප්‍රදේශයක ධීවර ප්‍රජාවට භූමිතෙල් සපයා ගැනීමේ දී ගැටළු සහගත තත්ත්වයක් උද්ගත වන්නේ නම්, තමන්ට හෝ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර ප්‍රජාව වෙතින් ඉල්ලා සිටී.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර පිරිසක් මේ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

ඒ අනුව අමාත්‍යවරයා අදාළ බලධාරින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව සීමාවකින් තොරව ධීවරයින් සඳහා භූමිතෙල් ලබා දීමට එම බලධාරින් එකගත්වය පළ කරන ඇත. අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත පවතින තත්ත්වය විසඳුමක් ලබාගැනීමට හැකි වූ බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති කොමීසමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය නිසා නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි පොලිසියට උපදෙස්

Mohamed Dilsad

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ගැන යුනෙස්කෝව සමඟ අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment