ප්‍රමුඛ පුවත 1

කසල ප්‍රවාහන ටිපර් රථ වලට අදත් විරෝධය [video]

(UTV| කොළඹ) – කොළඹ සිට අරුවක්කාලු කසල අංගනයට කසල ප්‍රවාහන කිරීමට විරෝධය පල කරමින් අද දිනයේද විරෝධතාවයක් පවත් වුණා.පිරිසිදු පුත්තලමක් සඳහා වු සංවිධානය විසින් අද (03) අලුයම පුත්තලම නගරයේදී මෙම විරෝධතාවය පවත්වා තිබේ.

මෙම විරෝධතාවය සඳහා 500 කට ආසන්න පිරිසක් සහභාගීවී සිටි බව වාර්තා විය.

අලුයම පුත්තලම කලපු තිරයේ රැඳී සිටිමින් අරුවක්කාලුවට කසල රැගෙන යන ටිපර් රථවලට හු හඬ තබමින් ඔවුන් විරෝධය පළ කර තිබේ.

විරෝධතාවය හේතුවෙන් පුත්තලම කලපු තිරයට පොලිස්ථාන කිපයක නිලධාරින් කැඳවා තිබු අතර ඒ සමඟම කැරලි මර්දන පොලිස් කණ්ඩායම් පවා සිරුවෙන් තබා තිබුණි.

කොළඹ සිට අරුවක්කාලු කසල අංගනයට කසල රැගෙන යමින් තිබු ටිපර් රථ සඳහා මුන්දලමේ සිට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණු අතර පසුව එම ආරක්‍ෂාව අරුවක්කාලු කසල අංගනය දක්වා ලබා දිමට කටයුතු කෙරුණු බව පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නවීන් දිසානායක ගැන නියෝජ්‍ය කතානායකගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

වැසි තත්ත්වයේ වර්ධනයක්

Mohamed Dilsad

පළාත් කිහිපයකට වැසි සහ සුළගේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment