ප්‍රමුඛ පුවත 1

පළාත් කිහිපයකට වැසි සහ සුළගේ වැඩිවීමක්

(UTV| කොළඹ) – දිවයිනේ, නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ජූලි මස 19 වන දා දක්වා බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වලත් වයඹ වෙරළබඩ ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50)පමණ දක්වා තරමක් තද සුළං ද ඇති විය හැක.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිව වන අතර ඌව,නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩිලන්ත මාලගමුව ඝාතන තැතක්

Mohamed Dilsad

පරිසර හිතකාමී කර්මාන්තකරුවන්ට මිලියන 30ක් දක්වා ණය

Mohamed Dilsad

“රජරට ජනතාවට සමෘද්ධිමත් ආර්ථිකයක් සමග දරුවන්ට හොඳ අධ්‍යාපනයක්” ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment