ප්‍රමුඛ පුවත 1

කටුනායක සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් – අර්ජුන රණතුංග

(UTV| කොළඹ) – කටුනායක ගුවන්තොටුපොල සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍ය අර්ජුන රණතුංග මේ බව පැවසුවේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින්.

කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන විදෙස් සහ දේශීය මගීන්ට කොළඹ නොගොස් දුම්රියෙන්ම වේයන්ගොඩ හරහා නුවර, බදුල්ල, යාපනය, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලට ගමන් කිරීමේ හැකියාව උදාවනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එම දුම්රිය මාර්ගය ඉදි කිරීමට සඳහා ඇති හැකියාව මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශය මූලික කටයුතු සොයා බලමින් සිටින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

සේවය හැර ගිය සෙබළුන් 550කට වැඩි ගණනක් දිනකදී අත්අඩංගුවට

Mohamed Dilsad

කරච්චි නුවර වෙත ශ්‍රී ලංකාවෙන් ප්‍රථම ගුවන් යානය අද ගමන් අරඹයි.

Mohamed Dilsad

ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment