ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් ඕස්ට්‍රේලියානු හමුදාව භාරයට

(UTV| කොළඹ) – ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 13 දෙනෙකු සමඟ බෝට්ටුවක් ඔස්ට්‍රේලියානු හමුදාව භාරයට ගෙන ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමත්‍යවරයා පවසනවා.

අමාත්‍ය පීටර් ඩූටන් මහතා පවසන්නේ පසුගිය මාසයේදී එම යාත්‍රාව ඉන්දීය සාගරයේ ඔස්ට්‍රේලියාවට අයත් කුඩා දිවයිනක් වන කොකෝස් දිවයිනට ඔබ්බෙන්වූ මුහුදේදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ භාරයට ගත් බවයි.

පසුගිය මාස 18 ක කාලය තුළ ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාව බලා ගිය 13 වන යාත්‍රාව ලෙස මෙය හඳුනාගෙන තිබේ.

සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලාංකික පවුලක් ක්‍රිස්මස් දිවයිනේ රැඳවුම් මධ්‍යස්ථානය වෙත යැවීමට ගත් තීරණය සාධාරණීකරණය කරමින් ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව අනාවරණය සඳහන් කර ඇත.

මෙලෙස පැමිණෙ බෝට්ටු නතර කිරීම අරමුණු කර ගනිමින් මැතිවරණයෙන් පසු සිය පළමු සංචාරය ලෙස තමා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා තෝරාගත් බවද ඔහු පවසයි.

මෙය සැබෑ තර්ජනයක් බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීලග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි දීමට ඇමතිවරුන් 03ක්

Mohamed Dilsad

අද සිට පළාත් කීපයකට සුළගේ වේගය වැඩි වෙයි..

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment