ප්‍රමුඛ පුවත 1

බෝරාවරුන්ගේ ජාත්‍යන්තර සමුළුව හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් [video]

(UTV| කොළඹ) – කොළඹ, වෙරළ මාවත ආශ්‍රිතව පැවැත්වෙන බෝරාවරුන්ගේ ජාත්‍යන්තර සමුළුව හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ මුහුදුබඩ මාර්ගයේ වැල්ලවත්ත දුම්රිය ස්ථානය පසුකර දකුණු පසින් ගාලු පාරට ධාවනය කළ යුතු බවයි.

එසේම දින 10 කාලය තුළ හැකිතාක් දුරට රියදුරන් කොළඹට ඇතුලුවන වාහන ගාලු පාර හරහාත් කොළඹින් පිටවන වාහන ඩුබ්ලිකේෂන් පාර හරහාත් ගමන් කරන මෙන් රුවන් ගුණසේකර මහතා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර අලුත්කඩේ අධිකරණ බල ප්‍රදේශය තුල මහජන සාමයට බධා වන ආකාරයේ නීති විරෝධී ලෙස විරෝධතා මහජන රැස්වීම් පැවැත්වීම සැප්තැම්බර් මස 10 වනදා දක්වා තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබේ.

බෝරාවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවට විරෝධය පල කරමින් පැවැත්වීමට නියමිත විරෝධතාවයක් සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙලෙස අධිකරණ නියෝගය නිකුත් කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පොලීසිය සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහයත් සජිත්ට

Mohamed Dilsad

මහනා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment