ප්‍රමුඛ පුවත 1

මධ්‍යම කඳුකර ප්‍රදේශවල සුළං වේගය ඉහළට

(UTV | කොළඹ) –  අද (01) දිනයේ  උතුර, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල සුළෙඟ් වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැක.

එසේම සබරගමුව පළාතේ සහ කලුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වර්ෂාපතනයක් ද ඇතිවිය හැකියි.

අනුරාධපුර, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්වල සිහින් වැසි වාර කිහිපයක් ද ඇතිවීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුටත් අවධාරණය කරයි.

Related posts

නවසීලන්තය බලා ගිය පිරිසක් කොටු වෙයි

Mohamed Dilsad

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු

Mohamed Dilsad

කොටහේනේදී වෙඩි තැබුවේ කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳට

Mohamed Dilsad

Leave a Comment