ප්‍රමුඛ පුවත 1

ජනාධිපති වැඩපිළිවෙළ ගැන කැන්ටබරියේ අගරදගුරු හිමිපාණන්ගේ පැසසුමට [PHOTOS]

(UTV| කොළඹ) – ලංකාවට පැමිණ සිටින කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බ් හිමිපාණෝ ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අතර සාමය සහ සංහිඳියාව සඳහා ජනපතිගේ වැඩපිළිවෙළ එහිදී උන්වහන්සේගේ පැසසුමට ලක් විය.

ඉමහත් ගෞරවයෙන් යුතුව අගරදගුරු හිමිපාණන් වහන්සේ පිළිගත් ජනාධිපතිතුමා උන්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය රටට ආශිර්වාදයක් බව සඳහන් කළ අතර ඒ වෙනුවෙන් උන්වහන්සේ වෙත සිය ස්තූතිය පිරිනැමීය.

අනතුරුව ජනාධිපතිතුමා සහ අගරදගුරු හිමිපාණන් වහන්සේ ඉතා සමීප සහ මිත්‍රශීලි සංවාදයක නිරත වූ අතර, රටේ සියලු ආගමිකයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ අවබෝධය ගොඩනඟමින් සහ සියලු ආගමිකයන්ගේ වරප්‍රසාද සහතික කරමින් ජනපති ගෙන යන වැඩපිළිවෙළ උන්වහන්සේ ඇගයීමට ලක් කළහ.

මෙම සුහද කතා බහෙන් අනතුරුව අතිඋතුම් ජස්ටින් වෙල්බ් හිමිපාණන් ජනාධිපතිතුමා වෙත සිය ආශිර්වාදය පළ කළ අතර, හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මස් පිණිස ගවයින් රැගෙන යමින් සිටි සැකකරුවන් 5ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇමති කබීර් හෂීම් ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උසස්‌වීම් 1014ක් අත්හිටුවන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment