ප්‍රමුඛ පුවත 1

ක්‍රිකට් ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන 09 ක් කෝප් කමිටුව හමුවට

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව ක්‍රිකට් ආයතනය සහ මඩකලපුව විශ්වවිද්‍යාලය හා හීරා පදනම ඇතුළු රාජ්‍ය ආයතන 09 ක් එහි කාර්යසාධනය සහ වර්තමාන ප්‍රගතිය විමර්ශනය සඳහා කාරක සභාව හමුවට කැඳවා ඇත.

මේ අනුව ලබන සැප්තැම්බර් තුන් වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත්, සැප්තැම්බර් 17 වැනිදා මඩකලපුව විශ්වවිද්‍යාලය හා හීරා පදනමත්, කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙන අතර , සැප්තැම්බර් 04 හා 05 යන දිනවලදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ඉහළ පෙලේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.

එමෙන්ම, සැප්තැම්බර් 18 වැනිදා පරමාණු බලශක්ති අධිකාරියේ ප්‍රගතිය විමර්ශනය කෙරෙන අතර ඒ මස 19 වැනිදා භූ විද්‍යා හා පතල් කාර්යංශයේ නිලධාරීන්ට  එම සභාව හමුවට පැමිණෙන ලෙස දන්වා ඇති බව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කර සිටී.

ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ලබන ඔක්තෝබර් 08 වැනිදා නැවතත් සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් ඔක්තෝබර් 09 වැනිදාත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

 

 

 

Related posts

නාමල්ගෙන් තවත් හෙළිදරව්වක් – සිංහලේ ජාතික සංවිධානය රහස් පොලීසියට

Mohamed Dilsad

බස් ගාස්තු අද රාත්‍රියේ සිට ඉහළට

Mohamed Dilsad

CID, STF නිලධාරීන් විසින් රාජිතගේ නිවස පරීක්ෂාවට

Mohamed Dilsad

Leave a Comment