විදෙස්

දුර්ලභ වර්ගයේ මැණිකක් වාර්තාගත මිලකට අලෙවි වෙයි

(උදයම්,හොංකොං)  – මැණික් වෙන්දේසියකදී මෙතෙක් මැණිකකට හිමි වූ ලොව වැඩිම මිල ලබා ගැනීමට සමත් වූ පුවතක් හොංකොං වලින් වාර්තාවේ.

හොංකොං මැණික් වෙන්දේසියක දී කැරට් 59.6 ක් වන රෝස පැහැති මැණිකක් මෙලෙස වෙන්දේසි වී ඇත.මෙම මැණික ‘පින්ක් ස්ටාර්’ ලෙස හඳුන්වයි.

මේ සඳහා හිමිවී ඇති මිල ඇමරිකානු ඩොලර් මිලියන හැත්තෑ එකකි.

මෙම මැණික දකුණු අප්‍රිකානු පතලකින් හමුවී ඇත්තේ වසර 1999 දී බව විදෙස් වාර්තා වල දැක්වේ.

2013 වසරේ ජිනීවා හි පැවති වෙන්දේසියකට ඇමරිකානු ඩොලර් මිලියන අසු තුනකට මැණික ඉදිරිපත් කලද එහිදී මැණික විකිණී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

හොංකොං මැණික් වෙළෙඳ සමාගමක් වන Chow Tai Fook Jewellery විසින් මෙම මැණික මිලට ගෙන තිබේ.

ලොව මෙතෙක් සොයාගෙන ඇති විශාලතම රෝස පැහැති මැණික මෙය වන  අතර එය දුර්ලභ ගණයේ මැණිකක් බවද  වාර්තාවේ.

Related posts

කිම් ජොන් උන් රුසියා සංචාරයකට සුදානම් වේ…

Mohamed Dilsad

යුක්‍රේන ජනාධිපති ගමන්ගත් වාහනය අනතුරකට ලක්වෙයි

Mohamed Dilsad

ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment