ප්‍රමුඛ පුවත 1

ළමුන් පාසැල් වලට ඇතුළත් කිරීමේදී අදායම් බදු ගෙවන්නන්ට විශේෂ සැලකිල්ලක්

(UTV| කොළඹ) –  රජයට ආදායම් බදු ගෙවන පුද්ගලයින් සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර තීරනය කර තිබේ.

ඒ ජාතික පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේදී බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

රජයට නියමිත පරිදි ආදායම් බදු ගෙවන පුද්ගලයින් දිරි ගැන්වීම සඳහා එලෙස ඔවුන්ට විශේෂ අවස්ථාවක් ලබා දීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශය දැනුම් දෙයි.

එසේම රටේ ජාතික ආදායම වර්ධනය කිරීම සඳහා රජයට නොමසුරුව ආදායම් බදු ගෙවන්නන්ගෙන් ලැබෙන දායකත්වය ඇගයීම හා දිරි ගැන්වීම මෙවැනි අවස්ථාවක් ලබා දීමේ තවත් අරමුණක් බව රජය පෙන්වා දෙයි.

මෙම දරුවන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක සකස් කිරීමේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.

Related posts

වෙසක් සමයේ කොළඹ ආරක්ෂාවට වැඩපිළිවෙලක්

Mohamed Dilsad

සෞඛ්‍ය සේවා වෘත්තියවේදින් අද දිවයින පුරා වැඩ වර්ජනයක

Mohamed Dilsad

චන්ද්‍රසිරි ගජදීර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment