ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ  

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද කැඳවා තිබේ.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර සිය පක්‍ෂයේ තීරණය සාකච්ඡා කිරීම සඳහාය.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී  එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති නමුත් පොදුජන පෙරමුණ සමග සාකච්ඡා කර එක් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට උත්සහ කරන බවයි.

ඒ අනුව අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, ජනපති නිල නිවසේදී නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වන වීමට නියමිතය.

එසේම නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡා හෙට යළි ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇසළ වීරකෝන් SAARC සංවිධානයේ මීළඟ මහලේකම් තනතුරට

Mohamed Dilsad

හිටපු ගණකාධිකාරීවරයෙකුට වසර 37ක සිර දඬුවම්..

Mohamed Dilsad

ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment