ප්‍රමුඛ පුවත 1

පළාත් කීපයකට අදත් තද වැසි

(UTV | කොළඹ) – අද (25) දිනයේදී හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර තද සුළං ඇතිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඇතැම් විට ඉතා රළු වීමේ ඉඩකඩ පවතී.

ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳව විශේෂයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  දැනුම් දෙයි.

බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරයි.

උතුරු පළාතෙත් බදුල්ල සහ අනුරාධපුරය දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

ඉදිරියේ දී දුම්රිය සේවයේ නවීකරණයන් රැසක් [VIDEO]

Mohamed Dilsad

නාලක ද සිල්වා ලබන 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට…

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ සහයට අප සිටිනවා – මන්ත්‍රී නාමල්

Mohamed Dilsad

Leave a Comment