විදෙස්

උතුරු කොරියාවෙන් තවත් මිසයිල අත්හදා බැලීමක්

(උදයම්,උතුරු කොරියාව)  – උතුරු කොරියාව යළිත් ජපාන නැගෙනහිර මුහුදේ පිහිටි සින්පෝ වරාය දෙසට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව දකුණු කොරියාව පවසයි.

දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මෙම මිසයිලය 60km පමණ දුරකට පියාසර කර ඇති බවය.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීම සඳහා වන වැඩපිළිවෙලෙහි තවත් අධියරක් ලෙස මෙම නව බැලස්ටික් මිසයිල අත්හදාබැලීම සිදුකර තිබේ.

චීන ජනාධිපති ශි ජින් පින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසීමට නියමිතව තිබෙන අවස්ථාවක උතුරු කොරියාව විසින් මෙම මිසයිල ප්‍රහාරය එල්ල කිරීම පිළිබඳව සියලු දෙනාගේම අවධානය යොමුව ඇත.

විශේෂයෙන් මෙමෙ හමුවේදී උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම් වලට එරෙහිව චීනයට ගත හැකි පියවර සම්බන්ධයෙන්ද දෙරටේ නායකයින් සාකච්ඡා කිරීමට නියමිතය.

පසුගියදා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය පුවත් පතක් සමඟ සම්මුක සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුනේ චීනය සහය ලබා දුන්නද ,නොදුන්නද උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙලට එරෙහිව පියවරක් ගන්න බවයි.

 

 

 

 

 

 

 

 

Related posts

විෂබීජ නාශක දියර පානය කිරීමෙන් රුසියාවේ 7 ක් මරුට

Mohamed Dilsad

සියදිවි හානිකර ගැනීම වැළැක්වීමට ෆේස් බුක් මැදිහත්වීමට සුදානම්

Mohamed Dilsad

සම්මානනීය නිළියක් සිය දිවි නසාගනී

Mohamed Dilsad

Leave a Comment