ප්‍රමුඛ පුවත 1

දඹුල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරෙන් 25 කට තුවාල

(UTV| කොළඹ) – දඹුල්ල – හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද අලුයම ත්‍රිකුණාමලයේ සිට කොළඹ දෙසට ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මහරගම සිට කින්නියා බලා ධාවනය වූ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම අනතුරෙන් තුවාල ලැබූ රියදුරන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකු දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර , ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වෙයි.

ඇතුළත් කළ රෝගීන් අතර කාන්තාවන් අට දෙනෙක් පිරිමි පුද්ගලයින් දාහත් දෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු වන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

අනතුර හේතුවෙන් දඹුල්ල-හබරණ මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී ඇති අතර මේ සම්බන්ධයෙන් සීගිරිය පොලිසියයි වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජපක්ෂ රජය සමයේ සිදුවූ වංචා පිළිබඳ සජින්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 4500 අඩු වෙයි

Mohamed Dilsad

සේනා දළඹු මර්දනයට කෘමිනාශක මිලදී ගැනීම සඳහා ගොවීන්ට 50% ක සහනාධාරයක්.

Mohamed Dilsad

Leave a Comment