ප්‍රමුඛ පුවත 1

වැලිකඩ ප්‍රධාන ජේලර්වරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුව

(UTV| කොළඹ) – වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා අම්බලන්ගොඩ – කුලීගොඩ මංසන්ධියේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අදාළ සැකකරු ඊයේ(19) හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණේ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා මතයි.
සැකකරු සතුව තිබී ටී.56 ගිනි අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 63ක් සහ සිමා කඩ්පත් 14ක් ද සොයා ගැනිණ.
පසුගිය 03 වැනිදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි. ඝාතනයට ලක්වූ වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් 44 හැවිරිදි තිළිණ රුවන් තිහාර ජයරත්න නැමැති කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද්මිරාල් කරම්බීර් සිං අගමැති හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

ත්‍රස්ත සාමාජිකයා නිදහස් කරගැනීමට පොලිසියට අල්ලස් දුන් සැකකරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මීගමුවේ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි.

Mohamed Dilsad

Leave a Comment