ක්‍රීඩා

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන පාකිස්ථාන ක්‍රිකට් ආයතනයට ලැබුණු පණිවිඩය

(UTV|පාකිස්තානය)  ත්‍රස්ත ප්‍රහාරයක් ගැන  අනතුරු අඟවමින් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය වෙත නිර්නාමික ඊමේල් පණිවුඩයක් ලැබි තිබේ.

මෙම ත්‍රස්ත ප්‍රහාරය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කර එල්ල විය හැකි බවට අනතුරු අඟවා ඇති බව ‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා’ වෙබ් අඩවිය පවසයි.

මේ වන විට ඉන්දීය කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දේශයේ රැඳී සිටින අතර ඔවුන් ලබන 22 වන දා කොදෙව්වන් සමග පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් පාකිස්ථාන ක්‍රිකට් ආයතනයට ලද අදාළ ඊමේල් පණිවුඩය පසුව ඔවුන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය වෙත යොමු කර ඇත.

පැය 24 ක් ගතවීමට පෙර එහි පිටපත් ඊමේල් පණිවුඩයක් පකිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත ද ලබාදීමට කටයුතු කර ඇත.

මෙම අනතුරු ඇඟවීමත් සමග ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාත්‍යන්තරයට ක්‍රිකට් පිති හදන මෙරට තරුණයා[PHOTO]

Mohamed Dilsad

ඉන්දීය කණ්ඩායමට යළිත් දඩයක් නියම වෙයි

Mohamed Dilsad

ක්‍රීඩකයන් දෙදෙනෙක්ට තරඟ පාවාදීමේ චෝදනා

Mohamed Dilsad

Leave a Comment