ප්‍රමුඛ පුවත 1

කොළඹට දකුණු මුහුදේදී යාත්‍රාවක් ගිනි ගනී (UPDATE)

(උදයම්,කොළඹ)   – (UPDATE)     කොළඹට දකුණු මුහුදේ ගිනිගනිමින් ඇති නෞකාවේ ගින්න නිවීම සදහා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදවා ඇති බව ගුවන් හමුදාව පවසයි.

මීට අමතරව ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදාවේ පී 412 සහ පී 436 යන වේග ප්‍රහාරක යාත්‍රා එකව ඇති අතර කොළඹ වරාය සතු රාවණා සහ මහ වැව යන ටග් යාත්‍රාවන් ද ඊට එක්ව තිබේ.

ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වන තෙක් වේග ප්‍රහාරක යාත්‍රාවන් 2 එම මුහුදු සීමාවේ රඳවා තබා ඇති බවද නාවික හමුදාව පවසයි.

 

(උදයම්,කොළඹ)  –  ඊජිප්තුව බලා යාත්‍රා කරමින් තිබු නැවක් කොළඹට දකුණෙන් වූ මුහුදු තීරයේදී ගිනි  ගැනීමට ලක් වෙයි.

නාවික හමුදාව සඳහන් කළේ මෙලෙස ගිනිගෙන ඇත්තේ සිංගප්පුරුවේ සිට ඊජිප්තුව බලා යාත්‍රාකළ නැවක් බවය.

නාවික හමුදාව එම ගින්න නිවා දැමීම සඳහා පී 412 සහ පී 436 යන වේග ප්‍රහාරක යාත්‍රා හා කොළඹ වරාය සතු රාවණා සහ මහ වැව යන යාත්‍රාවන් ද එක්ව තිබේ.

ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වන තෙක් වේග ප්‍රහාරක යාත්‍රාවන් 2 එම මුහුදු සීමාවේ රඳවා තබා තව දුරටත් ඔවුන්ට සහාය දැක්වීමට නාවික හමුදාව කටයුතු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

 

Related posts

ජාතික තව්හිත් ජමාත් කොළඹ මෙහෙය වූ පුද්ගලයා අත්අඩංගුවට

Mohamed Dilsad

භූමිතෙල් පරිභෝජනය මෙට්ට්‍රික් ටොන් 600 ඉක්මවයි

Mohamed Dilsad

වනඅලි පහර දීමකින් දැරියන් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment