ප්‍රමුඛ පුවත 1

පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක්

(UTV| කොළඹ) – පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් පවතින බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ 85,000 කට අධික කාර්ය මණ්ඩලයකින් යුත් පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා 31,540 දෙනෙකු පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටින බවයි.

පසුගිය මාර්තු මාසයේදී පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය හරහා පොලිස් කොස්තාපල්වරුන්ට පවත්නා පුරප්පාඩු නොසළකා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා  මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබුනේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර අවසන් කුඹල් පෙරහර අද

Mohamed Dilsad

ඩෙංගු හිස එසවීමේ අවධානමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව තුල ආයෝජනය කිරීමට පාකිස්තානය සූදානම් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment