ප්‍රමුඛ පුවත 1

ඕස්ට්‍රේලියාවෙන් ලාංකිකයන් 13 දෙනෙකු පිටුවහල් කෙරේ

(UTV| කොළඹ) – නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු එරටින් පිටුවහල් කර විශේෂ ගුවන් යානයකින් අද පෙරවරුවේ බණ්ඩාරනායක කටුනායක ගුවන් තොටුපළ වෙත ඒවා තිබේ.

මෙම සියලු දෙනා පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් හලාවත ප්‍රදේශයෙන් බහු දින ධීවර යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාව වෙත ගොස් ඇති බව වාර්තා වේ.

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අද දින පෙරවරු 6.30 ට පමණ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි බී.එච්.වී.සී.අයි. (BHVCI) නැමැති විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එරට ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසකගේ රැකවරණය යටතේ එවා තිබිණි.

මේ වනවිට මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසුව වැඩිදුර විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස්නාහිර පළාතේ පෞද්ගලික බස්රථ අද සිට අදාළ පැහැය ගැන්විය යුතුයි.

Mohamed Dilsad

රජයේ ඖෂධවේදීහු අද වැඩ වර්ජනයක.

Mohamed Dilsad

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අනුර සේනානායකට අධි චෝදනා භාරදීම අද

Mohamed Dilsad

Leave a Comment