ප්‍රමුඛ පුවත 1

රජයේ ඖෂධවේදීහු අද වැඩ වර්ජනයක.

(UTV| කොළඹ) – සේවා අවශ්‍යතාවක් නොමැතිව කරන ලද අනිසි බඳවා ගැනීමකට විරෝධය පළකරමින් දිවයින පුරා රජයේ ඖෂධවේදීහු අද (01) ලෙඩ නිවාඩු දමා ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රියංකර පෙරේරා මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද ළමා රෝග, පිළිකා, වකුගඩු රෝග සහ හදිසි අනතුරු වැනි අත්‍යාවශ්‍ය කටයුතු රෝගීන්ට අපහසුතාවයක් සිදු නොවන පරිදි පවත්වාගෙන යන බවද එ මහතා පැවසීය.

අද (01) සවස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවැත්වීමට වාචික කැඳවීමක් ලැබී ඇති බවත් ගැටලුව යහපත් ලෙස විසඳේ යැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම කීය.

මීන් පෙර මෙම ගැටලුව සම්බන්ධව දැනුම් දුන්නද සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් බැවින් මෙම ක්‍රියාමාර්ගය ගැනිමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යම් කිසි පිරිසක් ව්‍යාජ ගෑස් හිඟයක් මවන්න උත්සාහ කලා [VIDEO]

Mohamed Dilsad

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේගේ ශී‍්‍ර දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

Mohamed Dilsad

ඇමරිකානු පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් ජනමාධ්‍ය ඇමති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment