ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු සංචාරයක් සඳහා හෙට දිවයිනට

(UTV| කොළඹ) – ආගම හෝ විශ්වාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු අහමඞ් ෂාහිඩ් නිළ සංචාරයක් සඳහා හෙට (15) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය නිවේදනය කළේ මේ මස 26 වන දක්වා මෙරට රැඳී සිටින ඔහු අදාළ කාලය තුළ ආණ්ඩුවේ නිලධාරීන්, සිවිල් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයින් හමුවන බවයි.

මොහු සිය මූලික නිරීක්ෂණ ලබන 26 වනදා කොළඹදී පවත්වන මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කරනු ඇති අතර ඔහු සිය නිගමන සහ නිර්දේශ ඇතුළත් වාර්තාව, 2020 වසරේ මාර්තු මස ජිනීවා හි පැවැත්වෙන මානව අයිතිවාසිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොදු රද මඩුළු ක්‍රීඩා උළලේ දී ලෝකඩ පදක්කම දිනු යුද්ධ හමුදා ක්‍රීඩකයා හමුදාපති හමුවෙයි

Mohamed Dilsad

පුත්තලමට කුණු ගෙන ඒම ආරම්භ කළේ ගෝඨාභයයි [VIDEO]

Mohamed Dilsad

ජාත්‍යන්තරය තුල දේශීය තේ ප්‍රචලිත කරන අයුරු ගෝඨාභය කියයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment