විදෙස්

සෝනියා ගාන්ධි නැවතත් ඉන්දියාවේ විපක්ෂ නායකත්වයට

(UTV| කොළඹ) – ඉන්දියාවේ විපක්ෂ දේශපාලන පක්ෂයක් වන කොංග්‍රස් පක්ෂයේ නායකත්වය සෝනියා ගාන්ධිට යළි හිමි වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙලෙස නව නායකයෙකු තෝරා ගැනීමට කොංග්‍රස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස්වූයේ රාහුල් ගාන්ධි පක්ෂ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුවයි.

කෙසේවෙතත් පැය 12 ක රැස්වීමෙන් අනතුරුව කොංග්‍රස් පක්ෂය තීරණය කළේ සෝනියා ගාන්ධිට යළි පක්ෂ නායකත්වය ලබාදීමටයි.

මේ අනුව කොංග්‍රස් පක්ෂ නායකත්වය ගාන්ධි පරපුරෙන් පිටතට යෑම යළි වැළකී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇෆ්ගනිස්තානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 26 ක් මරුට

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් 94ට දිවි අහිමි වෙයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැති සටන උණුසුම් වෙයි

Mohamed Dilsad

Leave a Comment