විදෙස්

බ්‍රිතාන්‍ය අගමැති සටන උණුසුම් වෙයි

(UTV |  බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැතිවරයා තෝරාගැනීමේ සටන උණුසුම් වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

කොන්සවේටිව් පක්ෂ නායකත්වය ට රිෂී සුනක් සහ ලිස් ට්‍රස් යන දෙදෙනාගෙන් කෙනෙක් පත්වීමට නියමිත අතර එසේ පත්වන තැනැත්තාට එරට මීළඟ අගමැතිවරයා ලෙස පත්වීමට අවස්ථාව හිමිවෙයි.

ආරම්භයේදී පක්ෂ නායකත්වය සඳහා 6 දෙනෙක් ඉදිරිපත් වූ අතර පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මෙතෙක් පැවති ඡන්ද විමසීම්වලදී ඉන් සිව්දෙනෙක් ඉවත්වුණි.

අවසානවරට පැවති ඡන්ද විමසීමේදී සුනක් ඡන්ද 137ක් ලබාගෙන ඇති අතර ට්‍රස් ඡන්ද 113ක් ලබාගත්තාය.

ඒ අනුව පක්ෂයේ නායකත්වයට එම දෙදෙනාගෙන් කෙනෙක්ව තෝරාගැනීම සඳහා කොන්සවේටිව් පක්ෂ නියෝජිතයින් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

කොන්සවේටිව් පක්ෂ සාමාජිකයින් 160,000ක් තැපැල් හෝ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අගෝස්තු සිට සැප්තැම්බර් 02ත් අතර කාලය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත අතර ජයග්‍රාහකයා සැප්තැම්බර් 05 වනදා නිවේදනය කෙරෙයි.

බොරිස් ජොන්සන් එතෙක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

Related posts

ISIS නායක අබුබකර් අල් බැග්ඩාඩි ලිබියාවේ සැගව සිටින බවට සැකයක්…

Mohamed Dilsad

කාබුල් බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 73ක් මරුට

Mohamed Dilsad

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ට්‍රම්ප්ගෙන් ගිලිහෙයි

Mohamed Dilsad

Leave a Comment