විදෙස්

ලෙකීමා සුළි කුණාටුවෙන් චීනයේ 13 දෙනෙකු මරුට

(UTV|චීනය) – චීනයට බලපා ඇති ලෙකීමා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

එසේම මිලියනයකට වැඩි පිරිසක්  නිවාස වලින් ඉවත් කර තිබේ.

කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකුද අතුරුදහන්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තායිවානය සහ චීනයේ මූල්‍ය අගනුවර වන ෂැංහයි අතර වෙන්ලිංහි සෙනසුරාදා අලුයම ලෙකීමා නායයෑමට ලක්විය.

පැයට කිලෝමීටර් 187  ක වේගයකින් මෙම ලෙකීමා සුළි කුණාටුව හමා යන අතර එය සීජීයැන්ග් පළාත හරහා සෙමෙන් උතුරු දෙසට ගමන් කරමින් සිටින බව වාර්තාවේ.

මේ හේතුවෙන් මිලියන 20 කට වඩා වැඩි ජනතාවක් පීඩාවට පත්වනු ඇති බව චීන ආපදා අංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උතුරු ඇමෙරිකාවේ විශාලතම දියමන්තිය කැනඩාවේන් සොයාගනී.

Mohamed Dilsad

පාකිස්තානයේ දේවස්ථානයක වෙඩි තැබීමක්.05 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment