විදෙස්

ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිවුරුම් දෙයි

(උදයම්,ඇමරිකා) – ඇමරිකාවේ ප්‍රථම කලු ජාතික ජනාධිපති බැරක් ඔබාමා සිය ධුරයට සමුදීමත් සමඟ එරට 45 වන ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිවුරුම් දුන්නේය .

දිවුරුම්දීමේ උත්සවය පැවැත්වුනේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ල අබියසදී.

ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයාගේ දිවුරුම්දීමේ උත්සවය වෙනුවෙන් වොෂිංටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල අසළ පරිශ්‍රය අසලට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රැස්ව සිටියහ.

නගරයේ ආරක්ෂාව වෙනුවෙන් 28000 ක ආරක්ෂක භටයින් සංඛ්‍යාවක් අනුයුක්ත කර තිබු බව විදෙස් වාර්තා සදහන් කරයි.

ඊයේ දිනයේදී සාම්ප්‍රදායික දිවුරුම්දීමේ චාරිත්‍රයන්ට අනුකුලව ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරය අසල පිහිටි ශාන්ත ජෝන් දේවස්ථානයේ චාරිත්‍ර සඳහා පිටත්ව ගියේය.

ඉන් අනතුරුව නව ජනපති සහ උප ජනපති ලෙස තේරී පත්වූවන් සම්ප්‍රදානුකූලවධවල මන්දිරයේදී, ධුරයේන් ඉවත්ව යන ප්‍රථම පවුල සමග තේපැන් සංග්‍රහයකට සහභාගී වුහ.

ධවල මන්දිරයට පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එම ආර්යාව පිළිගනු ලැබුවේ බරක් ඔබාමා සහ මිචෙල් ඔබාමා විසිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ජනාධිපතිවරණයේදී තරඟ කළේ හිලරි කිලන්ටන්ය.

නමුත් ලෝකයේම අවධානය තමන්වෙත නතු කරගිනිමින් 45 වෙනි ලෝක බලවතා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වුණි

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ 45 වන ජනපතිවරයා වශයෙන් දිවුරුම්දීම සිදුවූයේ අග විනිසුරු ජෝන් රොබර්ට්ස් ඉදිරියේදීය.

Related posts

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් හැටහය ලක්ෂ 85,000 ඉක්මවයි

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ෆින්ලන්තය දේශ සීමා නීතී දැඩි කරයි

Mohamed Dilsad

හමාස් සටන්කාමීන්ගෙන් හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment