ප්‍රමුඛ පුවත 1

කෝටි තුනේ මැණික් කොල්ලයට සම්බන්ධ පිරිස යළි රිමාන්ඩ්

(UTV|රත්නපුර) – පැල්මඩුල්ල ප්‍රදේශයේ ආයතනයකින් රුපියල් කෝටි 3 ක මැණික්, මුදල් සහ රන් ආභරණ කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පැල්මඩුල්ල මහේස්ත්‍රාත් රසාංජලී පෙරේරා ඊයේ නිකුත් කළ නියෝගයකට අනුව මෙලෙස බන්ධනාගාර ගත කෙරුණේ ගුරුවරුන් සහ හිටපු හමුදා සෙබළුන් ඇතුලූ පස් දෙනෙකි.

පසුගිය 28 වනදා පැල්මඩුල්ල ප්‍රදේශයේ ආයතනයකට පැමිණි සැකකරුවන් පිරිසක් එහි තිබූ රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමකින් යුත් මැණික් ගල් 604ක්, මුදලින් රුපියල් හාරලක්ෂ 47,000 ක් සහ රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ පවුම් 62 ක්, සොරාගෙන පලා ගොස් තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන් හට STF ආරක්ෂාව ලැබිලා

Mohamed Dilsad

‘ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රැකියා ලබාදීමේ යුගයක් අපි නිර්මාණය කරනවා’ අගමැති කියයි

Mohamed Dilsad

සරසවි සිසුන් පිරිසක් රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment