ප්‍රමුඛ පුවත 1

“ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතරකළ යුතුයි” – ඇමති නිමල්

(උදයම්, කොළඹ) – ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන ප්‍රමාණයෙන් ත්‍රිරෝද රථ සංඛ්‍යාව වැඩිවී ඇති බවත් එහෙයින් ත්‍රිරෝද රථ ගෙන්වීම වහාම නතරකළ යුතු යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (03) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති තිරසර ලංකා ප්‍රදර්ශනයට එක්වෙමින් පැවසීය.

“ලංකාවේ ත්‍රිරෝද රථ ප්‍රමාණය වැඩියි. ලංකාවේ ත්‍රීවිල් ප්‍රමාණය ඇති. ලංකාවට ත්‍රීවිල් ගෙන්වීම නවත්තන්නට අවශ්‍යයි. එවැනි දැඩි තීන්දු ගත්තෙ නැතිනම් තිරසර සංවර්ධනයකට යන්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ සිදුවන අනතුරු ප්‍රමාණය දෙස බලා අපි දඩ මුදල් වැඩිකළොත් පාර්ලිමේන්තුව වටලන්නට එයි. මහපාරට බහියි. කෝච්චිපාරවල්වල කෝච්චි යන්න බැරිවිදියේ වැඩ කරයි. එවැනි තත්ත්වයක් තුළ වුණත් අපි නිසි තීන්දු තීරණ ක්‍රියාත්මක කරලා මේ සමාජය වඩා නීතිගරුක සමාජයක් නොකළොත් තිරසර සංවර්ධනය ළඟා කරගන්න ලැබෙන්නේ නැහැ”

එසේම “පක්ෂ,මැතිවරණ, ඡන්ද පිළිබඳ අමතක කරමින් දේශපාලඥයන් තිරසර සංවර්ධනය වෙනුවෙන් දැඩි දේශපාලන තීන්දු ගැනීමට කාලය ඇවිත් තිබෙනවා”යනුවෙන්ද හෙතෙම වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

Related posts

පොලිස් නිලධාරීන් උසස් කිරීමට නව ක්‍රමවේදයක්

Mohamed Dilsad

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අද සිට

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයා ස්විට්සර්ලන්තය බලා පිටත්වෙයි

Mohamed Dilsad

Leave a Comment