ප්‍රමුඛ පුවත 1

අග්‍රාමාත්‍යවරයා ස්විට්සර්ලන්තය බලා පිටත්වෙයි

(උදයම්,කොළඹ ) – ස්විට්සර්ලන්තයේ – ඩාවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද(16) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය .

අග්‍රාමාත්‍යවරයා ලබන 21 වනදා දක්වා එරට රැඳී සිටීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

ලෝක ආර්ථිකයේ නව ප්‍රවණතා ගැඹුරින් විමසා බැලෙන මෙවර ලෝක ආර්ථික සමුළුවට රටවල් 40 කට අධික සංඛ්‍යාවක රාජ්‍ය නායකයින් සහභාගිවීමට නියමිතය.

එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයින් සහ මුල් පෙළේ ජාත්‍යන්තර ව්‍යවසායකයින් සමඟද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

පසුගිය වසරේ ස්විට්සර්ලන්තයේ පැවැත්වූ ලෝක ආර්ථික සමුළුවටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගි වුණි.

Related posts

සියලු සිනමා ශාලා යළි විවෘත කෙරේ

Mohamed Dilsad

OIC ට අල්ලස් දීමට තැත්කල පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරට

Mohamed Dilsad

අයි.එස්.අයි.එස් මෙහෙයුම ගැන රනිල්ගෙන් ට්‍රම්ප්ට සුභ පැතුම් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment