විදෙස්

ඉන්දියාව සමඟ සියලු රාජතාන්ත්‍රික සබඳතා අත්හැරීමට පාකිස්ථානය සුදානම්

(UTV| පාකිස්ථානය) – ඉන්දියාව සමඟ සියලු රාජතාන්ත්‍රික සබඳතා අත්හැරීමට පාකිස්ථානය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ, ඉන්දීය මධ්‍යම රජය විසින් පසුගියදා ජම්මු – කාශ්මීරය වෙත ලබාදී තිබූ විශේෂ වරප්‍රසාද ඉවත් කිරීමට ගත් තීරණය හේතුවෙන්.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සඳහන් කළේ පාකිස්ථානයේ සිටින ඉන්දීය තානාපතිවරයා රටින් පිටුවහල් කිරීමටත්, ඉන්දියාවේ සිටින සිය තානාපතිවරයා යළි කැඳවීමටත් තීරණය කර ඇති බවයි.

කාශ්මීරයේ ඉන්දිය පාලන ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට බෙදුම්වාදී ත්‍රස්තවාදයක් පවතී. කාශ්මීර ත්‍රස්තවාදයට පකිස්ථානය ආධාර කරන බවට ඉන්දියාව චෝදනා කල ද පකිස්ථානය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

 “ පරිසරයත් සමඟ අප කරන යුද්ධය නැවතිය යුතුයි” – ග්‍රේටා තන්බර්ග් [VIDEO]

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුතුටත් කොරෝනා

Mohamed Dilsad

හොංකොං විරෝධතා වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment