ක්‍රීඩා

‘හතුරු’ ගැන බංග්ලාදේශයෙන් ඉඟියක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය සාකච්ඡුා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හතුරුසිංහ මහතා යළිත් බංග්ලාදේශයේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ගැනීමට බංග්ලාදේශ ක‍්‍රිකට් සභාපති නස්මුල් හසන් (Nazmul Hassan) අවධානය යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

හතුරුසිංහ මහතා 2014 වසරේ සිට 2017 දක්වා බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ අතර අනතුරුව ඔහු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පුහුණුකරු තනතුරට පත්විය.

හිස්වු බංග්ලාදේශ ප‍්‍රධාන පුහුණුකරු තනතුර එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කළ ස්ටීව් රෝඞ්ස් විසින් දැරූ අතර ලෝක කුසලානයෙන් පසුව ඔහුවද ඉවත් කර, ශ‍්‍රී ලංකාව සමග තරගාවලියේදී බංග්ලාදේශ තාවකාලික පුහුණුකරු වශයෙන් කලීඞ් මහමුද් පත්කරන ලදි.

Related posts

බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් සභාපතිවරයාට කොරෝනා

Mohamed Dilsad

අන්තර් පළාත් එක්දින කි‍්‍රකට් තරගාවලිය අද

Mohamed Dilsad

ශ්‍රී ලංකා – පාකිස්ථාන සංචාරය තහවුරුයි

Mohamed Dilsad

Leave a Comment