ක්‍රීඩා

අන්තර් පළාත් එක්දින කි‍්‍රකට් තරගාවලිය අද

(UTV| කොළඹ) – ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධාන කරන අන්තර් පළාත් එක්දින කි‍්‍රකට් තරගාවලිය අද  (02) ආරම්භවේ.

කොළඹ, ගාල්ල, මහනුවර සහ දඹුල්ල යන කණ්ඩායම් මෙහිදී තරඟ වදී.

කණ්ඩායම් 4ක් තරග වදින මෙම තරගාවලියේ සියලූ තරග කොළඹ ආර් පේ‍්‍රමදාස, පී සරා  ඕවල් සහ සීසීසී කී‍්‍රඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.

අද (02) දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර එක් තරගයක් පැවැත්වෙන්නේ දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන කොළඹ කණ්ඩායම සහ කුසල් ජනිත් පෙරේරා නායකත්වය දරන දඹුල්ල කණ්ඩායම අතරයි.

එම තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

අනෙක් තරගය කොළඹ පී සරා  ඕවල් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන්නේ උපුල් තරංග නායකත්වය දරන ගාල්ල කණ්ඩායම සහ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන මහනුවර කණ්ඩායම අතරයි.

මෙම තරග උදෑසන 10ට ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ සියලූ තරග කී‍්‍රඩා ලෝලින්ට නොමිලයේ නැරඹිය හැකි බව කි‍්‍රකට් ආයතනය පවසයි.

අවසන් මහ තරගය මැයි මස 20 වැනිදා කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ග්ලෙන් පිලිප්ස් පළමු වරට ටෙස්ට් තරගාවලියකට

Mohamed Dilsad

සිඩ්නි තන්ඩර් පරදා මෙල්බර්න් කණ්ඩායමට ජය

Mohamed Dilsad

පසුගිය දශකයේ හොඳම ටෙස්ට් කණ්ඩායමට රංගන

Mohamed Dilsad

Leave a Comment