ක්‍රීඩා

කැපී පෙනෙන වැඩ පෙන්වූ ඉන්දීය නවකයාට ICCයෙන් දඩයක්

(UTV|COLOMBO) – ඉන්දීය කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය පසුගිය අගෝස්තු 3 වැනිදා ආරම්භ වූ අතර එහි පළමු තරගයේ දී ම කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඉන්දීය නවක වේගපන්දු ‍යවන ක්‍රීඩක නවුදීප් සයිනි සමත් විය. 

කෙසේ නමුත් එම තරගයේ දී සයිනි විසින් ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහයක නිලධාරීන් සඳහා වන ආචාර ධර්ම පද්ධතියේ (ICC Code of Conduct for Players and Player Support Personnel) 2.5 වගන්තිය උල්ලංඝනය කර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් තීරණය කර තිබේ.ඒ අනුව සයිනිට අයහපත් ලකුණක් (Merit) එක් කිරීමට ද ඔවුන් තීරණය කර ඇත.

මීට අදාළ සිදුවීම ලෙස ඔවුන් දක්වා ඇත්තේ කොදෙව් කණ්ඩායමේ පස්වැනි පන්දුවාරයේ සයිනි විසින් නිකලස් පූරාන්ගේ කඩුල්ල දවා ගත් අවස්ථාවේ දී පූරන්ට කළ සංඥාවක් නිසා එය “පිතිකරුවාට ආවේගශීලී ප්‍රතිචාරයක් ඇති කිරීමට” ඉඩ තිබූ බවයි.

නවුදීප් සයිනි විසින් මෙම චෝදනාව හා තරග තීරකවරයා වූ ජෙෆ් ක්‍රෝවේ විසින් නියම කළ දඬුවම පිළිගෙන ඇති අතර එම නිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් වෙනත් පරීක්ෂණ සිදු නොවනු ඇත.

ඉහත සිදුවීම  සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම තරගයේ විනිසුරුවන් වූ නයිජල් ඩුගුයිඩ් හා ග්‍රෙගරි බ්‍රාත්වෙයිට්, තුන්වැනි විනිසුරුවරයා වූ ලෙස්ලි ‍රයිෆර් හා සිව්වැනි විනිසුරු වූ පැට්‍රික් ගස්ටර්ඩ් විසින් සිදු කළේය.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”]Keeping up to date with breaking news while you are on the move is now simple with UTV Alerts [textmarker color=”8a6d3b”]Type REG UTV and send to 77000[/textmarker] on your Dialog, Airtel, or Hutch mobile connection[/alert]

Related posts

IPL හි අසේල ගුණරත්නට තැබූ ලන්සුව ලක්ෂ 30 යි

Mohamed Dilsad

දඟ පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකාව පාලනය කරන බව සිම්බාබ්වේ කියයි

Mohamed Dilsad

ටැබ්රේස් ෂම්සි ශ්‍රී ලංකා තරඟ සංචාරයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment