ප්‍රමුඛ පුවත 1

ආරක්‍ෂක අංශ සහ වැලි ජාවාරම්කරුවන් අතර ගැටුමක්

(UTV|මුලතිව්) – මුලතිව්, මාන්කුලම, අබ්බකාමම් ප්‍රදේශයේදී ඊයේ(06) රාත්‍රියේ වැලි ජාවාරම්කරුවන් හා යුද හමුදා නිලධාරීන් අතර ගැටුමක් හට ගෙන තිබේ.

අම්බකාමම් මාම්මිල් ගණදෙවි කෝවිල මාර්ගයේදී රාත්‍රියේ වැලි පටවමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි මෙලෙස ගැටුම හටගෙන ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසයි.

මෙම ජාවාරම්කරුවන් ටිපර් රථයකින් පළා‍යාමට උත්සහ කිරීමේදී  ආරක්‍ෂක අංශ සාමාජිකයින් සැකකරුවන් අල්ලාගැනීමට උත්සහ කර ඇත.

එහිදි තිදෙනෙකු පළාගොස් ඇති අතර ඉන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියට සම්බන්ධයෙන් මාන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

රාජපක්‍ෂ රජය රටේ මුදල් කාබාසිනියා කල හැටි මුදල් ඇමති කියයි

Mohamed Dilsad

විදෙස් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් නිරෝධායනයට යොමු කරයි

Mohamed Dilsad

Leave a Comment