ප්‍රමුඛ පුවත 1

කොළඹ වරාය නගරය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වෙන ගැසට් නිවේදනය නිකුත් වෙයි

(UTV| කොළඹ) – කොළඹ වරාය නගරයට අයත් භූමිය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ කොටසක් ලෙසට ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය  නිකුත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනයට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊට අත්සන් තබා ඇත.

ඉදිකෙරෙමින් පවතින කොළඹ වරාය නගරය හෙවත් ගොඩකරන ලද භූමි ප්‍රදේශය මින් ඉදිරියට කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ බල ප්‍රදේශය සහ සීමාව තුළට ඇතුළත් කිරීම මෙම ගැසට් පත්‍රයෙන් සිදු කෙරේ.

ඒ අනුව හෙක්ටයාර 446.6කින් සමන්විත කොළඹ වරාය නගර මින් ඉදිරියට කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් භූමියක් ලෙස සැලකේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුළු දේශපාලන පක්‍ෂ හදිසියේ රැස්වීමට සුදානම්

Mohamed Dilsad

එක්සත් අරාබියේ නීති විරෝධීව රැඳී සිටින ලාංකිකයින් රැසක් දිවයිනට

Mohamed Dilsad

අපේක්ෂකයන් 181,126 ක් සරසවියට – 71 දෙනෙකුගේ ප්‍රථීඵල අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment