ප්‍රමුඛ පුවත 1

එක්සත් අරාබියේ නීති විරෝධීව රැඳී සිටින ලාංකිකයින් රැසක් දිවයිනට

(UTV| කොළඹ) – ප්‍රකාශිත පොදු සමා කාලය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 1500කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණීමට නියමිතය.

විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ, මාස තුනක පොදු සමා කාලයක් ප්‍රකා‍ශයට පත් කිරීමත් සමග මෙම පිරිස මෙරටට පැමිණීමට අව‍ශ්‍ය මූලික කටයුතු සිදු කර ඇති බව ය.

වීසා නොමැතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීම සඳහා අබුඩාබිහි පිහිටි තානාපති කාර්යාලයට හෝ ඩුබායිහි ඇති කොන්සල් ජනරාල් කාර්යාලයට ගොස් තාවකාලික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගත හැකි බව ද එම නිලධාරියා සඳහන් කළේ ය.

ශ්‍රී ලාංකිකයින් 125000ක් පමණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ වන විට සේවය කරති.

නීති විරෝධීව රැඳී සිටින විදෙස් ශ්‍රමිකයින්ට එරටින් පිටත් වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේ මස පළමු වැනිදා සිට ඔක්තෝබර් 31 දක්වා එම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලට තද වැසි

Mohamed Dilsad

අංගොඩ ලොක්ක අත්අඩංගුවට

Mohamed Dilsad

රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment