ප්‍රමුඛ පුවත 1

අපේක්ෂකයන් 181,126 ක් සරසවියට – 71 දෙනෙකුගේ ප්‍රථීඵල අත්හිටුවයි

 

(UTV | කොළඹ) –  ඊයේ (27) රාත්‍රියේ නිකුත් වූ උසස් පෙළ විභාග ප්‍රථීඵල අනුව අපේක්ෂකයන් 181,126 දෙනෙකු සරසවි ප්‍රවේශය සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබා තිඛෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙවර විභාගය සදහා පෙනී සිටි අයදුම්කරුවන් 71 දෙනෙකුගේ ප්‍රථීඵල අත්හිටුවා ඇති අතර , නැවත සමීක්ෂණ අයදුම්පත් ලබන 17 වන දිනට පෙර යොමු කල යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

උසස් පෙළ විභාගයේ සහතික පත්‍ර පැය 48 ක් ඇතුළත නිවසට ගෙන්වා ගැනීම සඳහා අද (28) සිට www.doenets.lk යන වෙබ් ලිපිනය ඔස්සේ අයදුම් කළ හැක.

මීට අමතරව විදේශගතව සිටින පදිංචිකරුවන්ගේ ලිපින වෙතටද එම සහතික පත්‍ර ඊ.එම්.එස්. සේවාව ඔස්සේ ගෙන්වා ගැනීමේ පහසුකම් සළසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්වාධීන මැතිවරණය නිරීක්ෂණයක් ලබා දීමට පියවර ගන්නවා

Mohamed Dilsad

මෙරට ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව මෙවර

Mohamed Dilsad

ප්‍රභූවරුන්ගේ පමණක් නොවේ රටේ ජනතාවගේත් ආරක්‍ෂාව තහවුරුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment