ප්‍රමුඛ පුවත 1

විමල්ට එරෙහි නඩුව නොවැම්බර් 04 වනදා සිට කැඳවීමට සුදානම්

(UTV| කොළඹ) – මහජනයාට හිරිහැර වන පරිදි සහ රථ වාහන ධාවනයට බාධා ඇති වන පරිදි කොළඹ බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක් සංවිධානය කළ බව කියන  චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුලු හත් දෙනෙකුට එරෙහි පවරා ඇති නඩුව නොවැම්බර් මස 4 දා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අද (05) මෙම නඩුව අද කැඳවු අවස්තාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අමතරව වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඞ් මුසම්මිල් මෙම නඩුවේ අනෙකුත් සැකකරුවන් ලෙස නම් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අසනීප තත්ත්වයකින් පසුවන බැවින් අද දින අධිකරණයේ පෙනී නොසිටින අතර ඒ බව ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී ඇත.

එහිදී ඊට අදාළ වෛද්‍ය වාර්තා මීලඟ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විත්ති පාර්ශවයට නියෝග කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“කවුරු අකමැති වුණත් නැතත් අපි පාතාලය මර්දනය කරනවා”-ඇමතිනී තලතා අතුකෝරාල කියයි

Mohamed Dilsad

ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකුට තුවාල

Mohamed Dilsad

රුවන් විජේවර්ධන ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment