ක්‍රීඩා

ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියට ආ අපේ පිතිකරුවන්

(UTV| කොළඹ) – පිතිකරුවන් සිව් දෙනෙකු ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියට පැමිණ තිබේ.

ඒ බංගලාදේශය සමඟ පසුගියදා නිමාවට පත්වූ එක්දින ක්‍රිකට් තරන්ගාවලියෙන් අනතුරුවය.

ඒ අනුව තරඟාවලියේ වීරයා වූ ඇන්ජිලෝ මැතිව්ස් ප්‍රසාද ලකුණු 623කත හිමිකම් කියමින ස්ථාන 4ක් ඉදිරියට පැමිණ එම සටහනේ 31 වැනි ස්ථානය දිනාගෙන ඇත.

කුසල් ජනිත් පෙරේරා ප්‍රසාද ලකුණු 553ක් සමඟින් ස්ථාන 11ක් ඉදිරියට පැමිණෙමින්  49 වැනි ස්ථානයට පත්ව තිබේ.

පසුගිය කාලයේ දිගින් දිගටම අසාර්ථකවූ කුසල් මෙන්ඩිස් මෙම තරඟාවලියේ ලද යම් තරමක සාර්ථකත්වය නිසා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම සටහනේ 62 වන ස්ථානයේ සිට 55වන ස්ථානය දක්වා පෙරට පැමිණ තිබේ.ඒ ප්‍රසාද ලකුණු 537 කට හිමිකම් කියමිනි.

එසේම නවක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ප්‍රසාද ලකුණු 481ක්ලබා ගනිමින් එම සටහනේ 82 වැනි ස්ථානයේ සිට 79 වැනි ස්ථානය දක්වා පෙරට  පැමිණ තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝලි වරද පිළි ගනී

Mohamed Dilsad

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයත් කෝප් කමිටුව හමුවට කැදවයි

Mohamed Dilsad

ජාත්‍යන්තර ක්‍රීඩා ආයතනයක වැරදිකරුවකු නම් මෙරට ක්‍රීඩා ආයතන නිලවරණ තහනම්

Mohamed Dilsad

Leave a Comment