විදෙස්

ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් ජිවිතක්ෂයට ?

(UTV| ඇමරිකාව) – අල්කයිඩා සංවිධානයේ නිර්මාතෘ ඔසාමා බින් ලාඩන්ගේ පුතෙකු වන හම්සා බින් ලාඩන් ජිවිතක්ෂයට පත්වූ බව අමෙරිකානු රජය ඊයේ (31) ප්‍රකාශ කරයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ හම්සා බින් ලාඩන් මියගිය ආකාරය සහ මියගොස් ඇති ස්ථානය පිළිබඳව ඇමරිකානු රජය මෙතෙක් කිසිදු අනාවරණයක් සිදු කර නොමැති බවයි.

2018 වසරේදී හම්සා බින් ලාඩන් විසින් අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකට ප්‍රහාරයක් එල්ල කරන බවට විඩියෝවක් නිකුත් කර තිබු අතර ඔහු පිළිබඳව තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ලබා දෙන බවයි අමෙරිකානු රජය  වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ටිල්වින් සිල්වාට ලන්ඩනයේදී දැඩි විරෝධයක්

Editor O

රෝහලක ඇතිවූ ගින්නකින් 9 දෙනෙකු මරුට

Mohamed Dilsad

උතුරු ඇමෙරිකාවේ විශාලතම දියමන්තිය කැනඩාවේන් සොයාගනී.

Mohamed Dilsad

Leave a Comment