ප්‍රමුඛ පුවත 1

කළගෙඩිහේනේදී වෑන් රියදුරෙකුට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් අද අධිකරණයට

(UTV| කොළඹ) – කළගෙඩිහේනේදී වෑන් රථ රියදුරෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින ගණිත ගුරුවරයෙකු වන දිනේෂ් නුවන් අමරතුංග ඇතුලු 8 දෙනෙකු අද (29) යළි අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කලගෙඩිහේන ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් සහ සුඛෝපභෝගී ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී  වෑන් රථයකට මාර්ගය හරස් කරමින් පහරදී එහි රියදුරටද පහරදීමට තැත් කල බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

පහරකෑමට ලක්වු බව කියන පුද්ගලයා ඒ පිලිබද පොලිසියට පැමිණිලි කල අතර ඒ අනුව සැකකරුවන් 8 දෙනා අත්අඩංගුවට ගත්තේය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයයි වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්වාධීන වෛද්‍ය සභාවක් ළඟදීම

Mohamed Dilsad

ඊයේ ආසාධිතයන් 23 න් 25 ක් නාවිකයින්

Mohamed Dilsad

අනවසරයෙන් ප්‍රංශයට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීමට පියවර

Mohamed Dilsad

Leave a Comment