ප්‍රමුඛ පුවත 1

මීලග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි දීමට ඇමතිවරුන් 03ක්

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ මීලග සාක්ෂි විමසීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කැඳවීමට නියමිතයි.

තවද වත්මන් රජයේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය භාරව කටයුතු කළ සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරුන් කැඳවා තිබෙන බව වාර්තා වේ.

කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා කියා සිටියේ ලබන මස 6 වනදා ඔවුන් කැඳවීමට තීරණය කල බවයි.

ලබන අගහරුවාදා සහ ලබන බ්‍රහස්පතින්දා දිනවලදීද කාරක සභාව රැස්වීමට නියමිතව ඇති අතර එහිදී මෙතෙක් කාරක සභාව හමුවේ පෙනී සිටි තැනැත්තන් ලබාදී ඇති සාක්ෂි අධ්‍යයනය කිරීමට අපේක්ෂා කරන බවයි ආනන්ද කුමාරසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආගමික නිදහස් ආරක්ෂා කිරීමට වහා මැදිහත් වන්න-ඇමති රිෂාඩ්

Mohamed Dilsad

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 13,374දී

Mohamed Dilsad

Leave a Comment