විදෙස්

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – දුෂණ චෝදනාවලට ලක්ව බලයෙන් පහ කෙරුනු දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාර්ක් ග්වෙන් හේ අත්අඩංගුවට ගැනේ.
ඇය මේ වන විට රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

දුෂණය සහ බලය අයුතු ලෙස යොදා ගැනීමේ චෝදනාව මතඇය පසුගියදා දෝෂාභියෝගයකට ලක්කරනු ලැබීය.

ඉන් පසු බලයෙන් පහ කෙරුණු දකුණු කොරියාවේ හිටපු ජනපතිනිය අත්අඩංගුවට ගන්න ලෙස එරට අධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළේය.

හිටපු ජනපතිනියට එරෙහිව එල්ල වී ඇති චෝදනාවල සාක්ෂි විනාශ කිරීමේ අවදානමක් පවතින බැවින් ඇය අත්අඩංගුවට ගැනීම අත්‍යාවශ්‍ය බව අධිකරණය තීන්දු කෙරුණි.

දකුණු කොරියාවේ මීළග නායකයා තෝරා ගැනීමේ ජනපතිවරණය ලබන මැයි 9 වනදා පැවැත්වීමට නියමිත බවද වාර්තාවේ.

Related posts

අධික උෂ්ණත්වයෙන් ඉන්දියාවේ 54ක් මරුට

Mohamed Dilsad

ඇමරිකාවේ ළමුන්ටත් කොවිඩ් එන්නතට අවසර හිමිවෙයි

Mohamed Dilsad

පොලිස් නිලධාරියෙකු අතින් මිය ගිය කලු ජාතිකයා කොරෝනා රෝගියෙක්

Mohamed Dilsad

Leave a Comment