කලා

‘ඇතුළාන්ත පියාපත්’ ඉංග්‍රීසි කාව්‍ය සංග්‍රහය එළි දැක්වේ

(UTV| කොළඹ) –  නුහා රිසාන් ශිෂ්‍යාවගේ “ඇතුළාන්ත පියාපත්” යන ඉංග්‍රීසි බසින් රචිත කාව්‍ය සංග්‍රහය වැල්ලවත්ත සපායා හෝටලයේ දී දොරට වැඩීම පසුගියදා සිදු කෙරුණි.

බදුල්ල ඔක්ස්ෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ ඉගනුම ලැබු නුහා රිසාන් ශිෂ්‍යාව කුඩා වියේ දී පටන් අප දුටුවේ සෑම දෙයක් පිළිබදවම ධනාත්මක ආකල්පවලින් පිරිපුන් ශිෂ්‍යාවක ලෙසයි.

ධනාත්මක චින්තනය ජනතාව අතරට ගෙන යාමට ඇය සතුවූ ආශාව නිසා ඇය විසින් මෙවැනි නිර්මාණයක් කර තිබේ. මනෝ විද්‍යාව හැදැරිමෙන් පසුව ඇය තුළ මේ සිතුවිල්ල වඩාත්  තහවුරු වී ඇත.

අගේ වයස අවුදු 18 වීමට පෙර කෙසේ හෝ ඇගේ මෙම නිර්මාණය එළි දැක්වීමට  ඇය අදිටන් කර ගෙන සිටියාය.  ඇගේ මෙම උත්සාහය මල් ඵල ගැන්වෙන දා එම සතුට බෙදා ගැනීමට ඇගේ ගුරුවරුන්ස සහභාගී වී සිටියේය.

තරුණ වියේ සිටම ධනාත්මක ආකල්ප තරුණ තරුණියන් තුළ වර්ධනයවීම කොපමණ සතුටක් ගෙන දෙන්නක්ද? නූතන සමාජයේ තරුණ පරපුර ගමන් ගන්නා මංපෙත් හා සිතුවිලි දෙස බලනවිට ඇති වන්නේ මහත් වේදනාවක්. තම තමන්ගේ ප්‍රශ්න හමුවේ පිළිතුරු සොයා ඇත්තේ මත් ද්‍රව්‍යවලින් හෝ වෙනත් සමාජ අපචාර ක්‍රියාවලින්ය. එසේ නැතිි නම් සියදිවි නසා ගැනීමෙන්ය. මෙවන් යුගයක මේ වෙනස සමාජ සත්කාරයක් බව එම අවස්ථාවට එක්වූ  විද්වතුන් පැවසීය.

සුන්දර යොවුන්විය සුන්දරත්වයෙන්ම පවත්වාගෙන යන්නට කදිම අත්වැළක් සේ මේ කාව්‍ය සංග්‍රහය හදුන්වා දිය හැකි අතර තරුණ තරුණියන්ට පමණක් නොව ලොකු, කුඩා සැමටම ජීවිත අත්දැකීම් රැසක් ලබා දෙන කාව්‍ය සංග්‍රහයක් ලෙස හදුන්වා දිය හැක.


[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අර්ජිත් සිං හයවන වතාවටත් හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා වෙයි

Mohamed Dilsad

වසර 21කට පසු හර්නාස් සන්ධු ඉන්දියාවට ගෙන ආ ආකර්ෂණය

Mohamed Dilsad

කාජල් සිය උපන්දිනයට රසිකයින්ට දුන් තෑග්ග(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment