ප්‍රමුඛ පුවත 1

අංගොඩ ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයක ගින්නක්

(උදයම්,කොළඹ)  – ඊයේ රාත්‍රියේ  වැල්ලම්පිටිය , අංගොඩ ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයක හදිසි ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් සහ කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදාගෙන ගින්න මැඩපැවැත්වා තිබේ.

ගින්නෙන් එහි තිබූ වාහන කොටස් වලටද හානි සිදුවී ඇත.

එම වාහන අංගනයේ ඊයේ පස්වරුවේ සිදුකළ විදුලි අලුත්වැඩියාවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.

Related posts

මේ මස ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1063 ක්

Mohamed Dilsad

පවතින අයහපත් කාළගුණය ගුවන් යානයක් මත්තලට හරවා යවයි

Mohamed Dilsad

සාකච්චා අසාර්ථකයි.වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment