Trending News

අකුණු අනතුරු වලින් ආරක්ෂා වන්නැයි උපදෙස්

(උදයම්,කොළඹ) –  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කලාගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඊයේ පස්වරුවේ වර්ෂාව පැවති අවස්ථාවේ බලංගොඩ, බටුගම්මන ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් එකම පවුලේ හතරදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ
මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු හතක සහ අවුරුද්දයි මාස අටක් වයසැති කුඩා ළමයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර අද(30) දිනයේත් දිවයිනේ බොහෝ පළාත්වලට (විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,ඌව සහ දකුණු පළාත්වල) පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැක.

 

Related posts

ADB aid to Lanka tops USD 8.9 billion to-date

Mohamed Dilsad

காணாமல் போன MH370 மலேசிய விமானத்தின் மர்மம்-5 வருட நினைவு கூறல்

Mohamed Dilsad

ஜனாதிபதியின் விசேட வர்த்தமானி அறிவிப்பு

Mohamed Dilsad

Leave a Comment