ප්‍රමුඛ පුවත 1

රුපියල් අසූ නව ලක්ෂ තිස් දහසක් වටිනා සෞදි රියාල් තොගයක් රේගුව භාරයට

(UTV| කොළඹ) – රුපියල් අසූ නව ලක්ෂ තිස් දහසක් වටිනා සෞදි රියාල් තොගයක් සමග ශ්‍රී ලාංකිකයෙකු ‍රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත පිටත්ව යෑමට සුදානමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසුවේ, ඊයේ සවස කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

මොහු වව්නියාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි නිතර නිතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරේ ගුවන් ගමන්වල යෙදෙන ව්‍යාපාරිකයෙකි.

ඔහු විසින් රැගෙන විත් තිබූ , සිය පිටෙහි එල්ලා ගෙන යන ගමන් මල්ලේ ඇතුළත , මෙම සෞදි රියාල් 190,000 ක මුදල සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ විශේෂ සමුළුව අද

Mohamed Dilsad

පාසල් ක්‍රිකට් සමයේ දී සිසුන්ට විනය කඩනොකරන ලෙස පොලිසියෙන් දැනුම් දීමක්…

Mohamed Dilsad

මහා මැතිවරණය සඳහා කළ යුතු දේ ගැන රනිල් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment